ඇඟට සනීප කෑම නිතරම කන්න ඕනි කියලා කොච්චර හිතුවත් කාර්යබහුල ජීවන රටාවයි,දකින දකින හැම පැත්තෙන්ම පේන්න තියෙන රස රස කෑම කඩයි,කවදාවත් ඉවරයක් නැති කටට රස දොළදුකයි නිසා ඒ වැඩේ නම් මැරතන් එකක් දුවනවටත් වඩා සෑහෙන්න අමාරුයි.

මේ හැමදේම අමතක කරලා ඔන්න ගුණ ජාතිම කන්න අමාරුවෙන් හිත හදාගෙන ට්‍රයි කරන කට්ටියට පොකට් එකේ ප්‍රශ්න මතුවෙනවා.ඒ තෙල් හොඳට දාපු,කටට නියමෙට රස දැනෙන,කන්න කන්න ආස හිතෙන කෑම ජාති කනවට වඩා ඇඟට ගුණදායක පෝෂණීය ආහාර වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙන නිසා.එහෙම නේද?

දැන් කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ?වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ.මේකට අපේ අම්මලා,ආත්තම්මලාගේ කාලේ ඉඳලා එන ලේසි පහසු ක්‍රම සහ විධි තියෙනවා.ඒ කියන්නේ ගුණට කන්න පුළුවන් වගේම පොකට් එකට වාසි වෙන විදියේ ක්‍රම සහ විධි.

මේ ගෝල්ඩන් රූල්ස් අමතක කරලා බැහැ:

01.බඩගින්නේ ඉද්දි කඩවල් ගානේ බඩුගන්න යන්න එපා.
02.ඔයාගේ කෑම වේල වගේම කෑම ප්‍රමාණය මුළු සතියටම ගැළපෙන්න ප්ලෑන් කරන්න.
03.ග්‍රොසරි ලිස්ට් එකට හරියන්න විතරක් බඩු මිලදී ගන්න.
04.අනං-මනං කෑම ජාති මඟඅරින්න උත්සහ කරන්න.

ෆුඩ් ටිප්ස්:

01. ලංකාවේ කට්ටිය විදියට අපිට රයිස් ඇන්ඩ් කරි සංස්කෘතියෙන් ඈත්වෙන්න බැහැනේ.ඒ නිසා රතු බත් වලට මාරු වෙන්න.ධාන්‍යමය ආහාරත් හරිම පෝෂණීයයි.සාක්කුවටත් වාසියි.

02. පළතුරු සහ එළවළු අපේ රටේ හරිම සුලභයි.විවිධාකාරයේ පළතුරු එළවළු ඕනි තරම්.ඒ නිසා ඒ වාසියත් ගන්න.තම්බපු එළවළු ටිකක්,දවස ගානේ කන්න පළතුරු ටිකක්,ගෙදර හදාගත්ත අලුත්ම අලුත් ෆෘට් ජූස් කියන්නේ ඇඟටත් හොඳ පොකට් එකටත් හොඳ නියම විකල්පයක්.

3. ඩිටොක්ස් වර්ග කියන්නේ අද වෙද්දී හරිම ජනප්‍රිය පානයක්.පළතුරු,එළවළු වගේම ඖෂධීය දේවල් යොදාගෙන ඔයාටම වුනත් කැමැත්තට ගැළපෙන විදියට මේ ඩිටොක්ස් හදාගන්න පුළුවන්.හැමදාම බොන වතුර එක ටිකක් වෙනස් විදියකට අත්හදා බලන්නත් මේ ක්‍රමය නියමයි.ඒ නිසා දවසකට අවශ්‍ය කරන වතුර ප්‍රමාණයෙන් ඇඟ නිතරම පුරවලා තියන්න වතුර බෝතලයක් නම් අමතක කරන්න එපා.