ජනවාරි කියන්නේ අලුත් ආරම්භයක්.ඔන්න මේ අවුරුද්දේ ඉඳලම අලුතින් පටන් ගන්නවා කියලා හිතලා ගොඩක් කට්ටිය අලුත් ප්ලෑන් ගොඩගහගෙන.ඒත් පෙබරවාරි වෙද්දී අපහු පරණ තැටියම තමයි.ඒ කියන්නේ අලුත් වෙන්න අපි ගන්න උත්සාහය-උනන්දුව හරිම ඉක්මනින් නැතිවෙලා යනවා.ඒ ප්‍රායෝගිකව ඒ දේවල් කරගන්න අපිට ඉඩක් ලැබුනේ නැති වුණාම.

මේකට ප්‍රධානම හේතුව තමයි “අධික කාර්යබහුල” බව.ඔෆිස් එකේ,පාසලේ,ළමයින්ගේ,පවුලේ වගේම අනික් හැම කෙනාගෙමත් ප්ලෑන් අවුල් වෙන්න පළවෙනිම දේ තමයි මේ කාර්යබහුල බව.ඒත් ඉතින් මෙහෙම ගියොත් හැමදාම එකම තැන.එහෙම නේද?

එහෙනම් අපි බලමු මේ කාර්යබහුලකම මට්ටු කරලා අලුත් ප්ලෑන් වලින් වැඩගන්නේ කොහොමද කියලා?

අපි කියන මෙන්න මේ දේවල් ඔයාට උදව් වෙයි කාර්යබහුල බවින් ඈත්වෙලා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගොඩනගාගන්න.

1. ගෙදර තියෙන අනං-මනං කෑම ජාති පැත්තකටම කරලා තියන්න.

මොනා හරි ස්නැක් එකක් කටට දාගන්න ඕනි වුණාම ඔයා කරන්නෙම මේ වගේ අනං-මනං දෙයක් රසබලන එක.ඔයා වැඩ ගොඩක ඉන්න කෙනෙක් නම් ඉතින් මේක තමයි වෙන්නෙම.දැන් මේක නවත්තන්න.මේ වගේ පොඩි බඩගින්නකදී පළතුරු,කජු,කිරි ආහාර නිෂ්පාදන,ඩාක් චොකලට් වගේ දේවල් අතට අහුවෙන දුරකින් තියාගන්න.