දවසපුරාම අපි කරන වැදගත්ම දේ මොකක්ද?කතාකිරීම. මිනිස්සු වෙච්ච අපි කතාකරලා අදහස් ප්‍රකාශ කරන එක හරිම වැදගත්.ඒ වුණත් ඔයාගේ කට ගඳ නිසා ඔයා කෙනෙක් එක්ක කතාකරන්න අකමැති වෙනවා නම්,එහෙනම් ඔයාගේ වැදගත්ම දේ ඔයාට මඟහැරෙනවා නේද?අන්න ඒ නිසා අනික් අයට ප්‍රසන්න කෙනෙක් විදියට දැනෙන්න නම් මේ කට-ගඳ පාලනය කිරීම හරිම වැදගත්.කට-ගඳ ඇතිවෙන්න මොකක්ද හේතුව?කොහොමද ඒකට උත්තර හොයන්නේ?අපි අද කතා කරමු ඒ ගැන.

1. දිව හොඳින් මැදීම.

15 සාමාන්‍යයෙන් අපි හැමෝම දත් මැද්දත් අපේ දිව මදින්න තරම් උනන්දු වෙන්නේ බොහොම ටික දෙනයි.ඒ වුණත් ඔයා දන්නවද?වැඩිම විෂබීජ ප්‍රමාණයක් රැඳී තියෙන්නේ අපේ දිවේ.ඒ නිසා දිව නිවැරදි ලෙස පිරිසිදු කිරීමත් හරිම වැදගත්.කෑම කොටස් වගේම බැක්ටීරියා විශාල ප්‍රමාණයක් දිවේ බැඳිලා තියෙන නිසා කට ගඳට පළවෙනිම හේතුවත් ඒක වෙන්න පුළුවන්.ඒ නිසා හැම කෑමවේලකටම පස්සේ දත් මදිනවා වගේම දිවත් මදින්න අමතක කරන්න එපා.හැබැයි දිව සුදු වෙනකං තදින් මදින එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි.