උදේ ඇහැරුණ වෙලාවේ ඉඳලා එකදිගටම මැෂින් එකක් වගේ වැඩකරන ඔයාට,ඔයාගේ ජීවිතේට පොඩි විවේකයක් දෙන්න පුළුවන් නම්,කොච්චර සැනසීමක්ද?තමන්එක්කම ටිකක් කතා කරන්න- හිතේ කලබලෙන් පොඩ්ඩක් ඈත්වෙන්න-ප්රගශ්න වලට උත්තර හොයන්න-හිතේ සැනසීම ඇතිකරගන්න…භාවනාව තරම් දෙයක් තවත් නැහැ.
භාවනාව: අහපු ගමන් එකපාරටමහිතෙන්නේ සංසාරේ කලකිරිලා,වනගත වෙලා,ජීවිතේ ආසාව අතෑරලා,හැමදේම අමතක කරලා,හරිම බරපතලව කරන්න ඕනි දෙයක් කියලද?එහෙනම් ඔයාගේ අදහස වෙනස් කරගන්න වෙයි.ඕනිම තැනක ඕනිම කෙනෙක්ට තමන් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන්,තමන් හරියටම කවුද කියන එක හරියටම අඳුරගන්න පුළුවන් සාර්ථකම ප්රෙතිකාරයක් තමයි භාවනාව කියන්නේ.ගොඩක් බරපතල නොවී සරල විදියට භාවනාවක නිරතවීමෙන් ඔයාට අනිවාර්ය සහනයක් ලැබෙනවාමයි.

1. වෙලාවක් වෙන් කරගැනීම.

භාවනාවට වෙලාවක් වෙන්කරගන්නවා කියන්නේ ඒ වෙනුවෙන් ඔයාගේ කැපවීම පෙන්වීමක්.උදේ පාන්දර හරි ඔයාගේ දවසේ වැඩ-කටයුතු ඉවර වුනාම(නින්දට පෙර වෙලාව නම් ඒ හැටි සුදුසු නැහැ) ඔයා වෙන්කරගන්න වෙලාව තමයි දවස ගානේ භාවනාව හුරු පුරුදු කරගන්න කට්ටියට සුදුසුම වෙලාව.මේ කාලයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා අවදියෙන් සිටීම වගේම,භාවනාවෙන් පස්සේ නිවැරදි සිහියෙන් සිටීමයි.ඒ නිසා හුඟාක් මහන්සි වෙලා ඉන්න වෙලාවක් මේකට යොදාගන්න එපා.
1

2. සුවපහසු තැනක් හොයාගැනීම.

භාවනාවට ඔයා තෝරාගන්න තැන ගොඩක් නිස්කලංක වෙනවා නම් තමයි හොඳ.ඒ කියන්නේ ඔයාගේ හිත එක තැනක තියාගන්න පුළුවන් වෙන විදියේ තැනක්.අවට පරිසරයෙන් සද්ද-බද්ද එන,ඔයාගෙම ෆෝන් එකෙන් ටුක් ටුක් ගාල සද්ද එන තැනක නම් කොහොමටවත් ඔයාට සැනසිල්ලේ ඉන්න බැහැ.ඒ නිසා ඒ හැම දේකින්ම නිදහස් තැනක් හොයාගන්න.ඔයාට පුළුවන් කෙලින්ම බිම වාඩිවෙන්න,කකුල් දෙක එකිනෙක පටලාගනිමින්.නැත්තං පුටුවක කෙලින් වාඩි වෙලා ඉන්නත් පුළුවන්.නින්ද නොයා ටිකක් වෙලා එක-දිගට පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් තමයි කෝකටත් හොඳ.
2

3. පහසුවෙන් ඉඳගෙන ඇස් හොඳින් වසාගැනීම.

ඔයා කාලසටහනකට අනුව භාවනා කරනවානම්,වැඩිය කලබල නැති සැහැල්ලු ටෝන් එකකින් එලාම් එක සකසා ගන්න. කොන්දඋඩ-යට දෙකෙලවරින්ම හොඳින් ඇදලා කෙලින් තබාගෙන,නිකට ඔසවන්න.දෑස් හොඳින් වසා ගන්න.

3

4. අවධානයේ තබාගත යුතු දේ සිහියට ගැනීම.

භාවනාවේ නිරත මුළු කාලයේදීම ඔයාගේ සිතුවිලි එක අරමුණක තියාගැනීම අත්යකවශ්යයයි.ඒ නිසා ඉස්සෙල්ලම ඔයාගේ හුස්ම ගැනීම-පහත හෙලීම කියන ක්රිදයාවලියට හිත යොමු කරන්න.“මම දැන් හුස්ම ගන්නවා-මම දැන් හුස්ම පහත හෙලනවා”කියන දේ හිතින් කියන්න.අවධානය ඒ වෙතටම යොමු කරන්න.වචන කටින් කියන්න අවශ්යන නැහැ.බාහිර වටපිටාවෙන් ඔයාව ඈත් කරන්න මේ ක්රිනයාවලිය ප්ර මාණවත්.

4

5. ක්රරමයෙන් කාල-වේලාව දිගු කරගැනීම.

භාවනා ක්රි්යාවලිය හොඳින් තේරුම් ගැනීමෙන් පසුව ඔයාට පුළුවන් කාල-වේලාව දිගු කරගන්න.(මිනිත්තු 25-30ත් අතර කාලය ඉතා සුදුසුයි) භාවනාව නතර කිරීමේ අවශ්යපතාව දැණුනු පසුව සෙමින් බාහිර පරිසරයට අවධානය යොමු කරන්න.කලබලයකින් තොරව.ඔයාගේ ඇඟිලි හෙමීට සොලවමින්,ඇස් අරිමින් බාහිර ලෝකය වෙත අවධානය යොමු කරමින් භාවනාව අවසන් කරන්න.

5