හැමදාම,දවස පුරාම අපේ එකම හීනය..ඉර එළියට පිච්චිලා නැති- දිළිසෙන තරුණ සමක්..මොන වයසේද කියන එක ප්ර ශ්නයක් නෙවෙයි.ඕනිම කෙනෙක්ගේ හීනය තමයි ලස්සන සමක්.ඒ වුණත් මොන තරම් දේවල් නම් කරන්න ඕනිද මේ හීනේ හැබෑ කරගන්න.වතුර බෝතල් ගණන් බොන්න,ව්යාකයාම,ක්ලේන්සර්,ෆේස් පැක්,ෆේෂල්… අපොයි!!තවත් මොන තරම් දේවල් නම් කරනවද ලස්සන හමක් අයිති කරගන්න.මේ හැමදේටමත් වඩා ලස්සන හමක් දෙන විස්මිත“පෙත්තක්”තියෙනවා කියලා කිව්වොත්??ඔයා හිතයි මේ මොන විකාරයක්ද කියලා?එහෙමද?කොහෙත්ම නැහැ.රත්තරන් පාටට දිළිසෙන මේ අමුතු පෙත්තේ ඇත්තම කතාව ඇහුවම ඔයා එහෙම හිතන එකක් නැහැ.මේ වෙනින් අමුතු දෙයක් නෙවෙයි.කොඩ් ලිවර් ඔයිල්-කොයි කවුරුත් දන්න “මෝරතෙල්”අඩංගු දිනපතා “පෙත්ත”.මේ විස්තරේ බැලුවම ඔයාට තේරෙයි ඒ කතාව සහතික ඇත්ත නේද කියලා?

cod-liver-5

01. කොඩ් ලිවර් ඔයිල් නැතිනම්මෝරතෙල් කියන්නේ ස්වභාවික විටමින් “A” පෝෂකය බහුලවම අඩංගු දෙයක්.ඒ කියන්නේ කුරුලෑ සහිත සමකට උත්තර දෙන්න පුළුවන් සැබෑ පෝෂකයක්.නිවැරදිවකොඩ් ලිවර් ඔයිල් කලක් පාවිච්චි කිරීමෙන් ඔයාට කුරුලෑ කරදරයෙන් බේරෙන්න පුළුවන් වගේම,කුරුලෑ නැවත ඇතිවීමේ තත්වය අවම කර සමේ පාට වගේම ගුණාත්මක භාවය වැඩි දියුණු කරනවා.

cod-liver-1

02. කවුද කැමති “ඩල් ලුක්” එකකට?දිළිසෙන දීප්තිමත් හමක් කියන්නේ,වයස කීය වුණත් කොයිකාගේත් අවධානය දිනාගන්න පුළුවන් දෙයක්.ඉතින් මේ මෝරතෙල් වලට පුළුවන් ඔයාගේ හමේ තියෙන ඩල් ගතිය- අඳුරුපැහැය නැති කරලා ඔයාගේ හමට ජීවයෙන් පිරුණු ස්වභාවිකදීප්තියක් දෙන්න.ඒ කියන්නේ හැමදාමත් දිළිසෙන-ලප කැළැල් නැති ලස්සන සමක්!

cod-liver-2

03. මුණ ටිකක් වියපත් වේගෙන එනවා කියලා පෙන්නුම් කරන “රැළි”වලට බය වෙන්න එපා.නිවැරදි මාත්රාරවෙන් කොඩ් ලිවර් ඔයිල් පාවිච්චියෙන් ඔයාට පුළුවන් ඒ ගැටලුවටත් උත්තර දෙන්න.කිසිම බයක් නැතුව.වයසත් එක්ක හැම රැළි වැටෙන එක හරිම ස්වාභවික දෙයක් තමයි.ඒ වුණත් කොඩ් ලිවර් ඔයිල් වල අඩංගු ස්වභාවික පෝෂණයන්ගෙන්සම රැළි වැටීම අවම කරනවා වගේම එම ක්රිකයාවලිය මන්දගාමී කරන්නත් පුළුවන් වෙනවා.

cod-liver-3

04. වියළි වගේම කසන සුළු හමක් ඔයාගේ පෙනුමට ඇතිකරන්නේ හරිම අවලස්සනක් වගේම හරිම අපහසුවක්.නමුත් කොඩ්ලිවර් ඔයිල් වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔයාගේ හමේ ඇදෙනසුලු ස්වභාවය ප්රනමාණවත් පරිදි සකස් කරනවා වගේම ඉන් ලැබෙන විධිමත් නම්යඅශීලී බව ඔයාගේ හමට තරුණ බවක් වගේම දීප්තියක් ද ලබාදෙනවා.

cod-liver-4

අන්න ඒ නිසයි, කොඩ්ලිවර් ඔයිල් නැතිනම් මෝරතෙල් නියමිත මාත්රාැවට අනුව පාවිච්චිය හරිම වැදගත් වෙන්නේ.ඔයාගේ හම රැකබලාගැනීමේ අමාරුම කාර්යයට හරිම ලේසියෙන් උත්තර දෙන්න මෝරතෙල් කොච්චර වැදගත් ද කියන දේ දැන් ඔයාට පැහැදිලියි නේද?