මොනා හරි දෙයක් ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න කිව්වට ඔයා කවදාවත් ඔයාගේ ඇස් දෙකේ පරිස්සම ගැන හිතුවද?ගොඩක් අයට ඒක අමතක වෙනවා.එහෙනම් තවදුරටත් ඒක අමතක වෙන දෙයක් කරගන්නේ නැතුව ඇස් දෙක,ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න මේ දේවල් කිහිපය කරලා බලන්න.

01. හොඳ පෙනීමකට නම් ඊට සුදුසු දේවල් කෑමට ගන්න.

ඔයා මේ ගැන සමහරවිට ඒ හැටි හිතුවේ නැති වෙන්න පුළුවන්.ඒ වුණත් ඔයා කන බොන දේවල් ඇත්තටම ඔයාගේ ඇස් පෙනීම වෙනුවෙන් උපකාරී වෙන්නේ හරිම පුදුම විදියට.ආහාර වල අඩංගු පෝෂක කොටස්,හරියට ඔමේගා 3 මේද අම්ලය,ලූටින්,සින්ක්වගේම විටමින් සී සහ ඊ වගේ පෝෂකයන් ඔයාවයස්ගතවීමේදී මතුවෙන ඇස් පෙනීමේ දුර්වලතාවයන්ගෙන් ඔයාව ඈත් කරතියන්න ගොඩක් උදව් වෙනවා.කොළ පැහැති පත්රෙ සහිත එළවළු වර්ග,සැමන්/ටූනාවගේම තෙල් සහිත මාළු වර්ග,දොඩම් සහ බිත්තර එම පෝෂකයන්ගේ පොහොසත් ආහාර ද්ර‍ව්යළය විදියට හඳුන්වන්න පුළුවන්…

6

02. අව්කණ්නාඩි භාවිතය.

විලාසිතාවක් විදියට ගොඩක් දෙනා මේ ගැන උනන්දු වුණත්ඔයා පාවිච්චි කරන අව්කන්ණාඩිය හරිම තත්වයේ අව්අව්කණ්නාඩියක් ද කියන දෙ ගැන සැලකිලිමත් වීම නම් හරිම වැදගත්.ඒ වගේ ගුණාත්මක තත්වයෙන් යුතු අව්කන්ණාඩියක්ඔයාගේ ඇස්සුර්යාගේඅහිතකර පාරජම්බුල කිරණ වලින් රැකගන්නවා.ඕනෑවට වඩා පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් ඔයාගේ ඇහේ සුද හා ඇහේ කහ ලපය විනාශ වීම ආදී අවදානම් වලට ද ඔයාව පත්කරන්න පුළුවන්.

03. පරිගණකභාවිතය

බොහෝ කාලයක් පරිගණක තීරයක් දිහා බලාගෙන සිටීමත් ඔයාගේ ඇස් වලට හානිකර තත්වයක් ගෙන දෙන්න පුළුවන්.ඇස් වලට බොහෝ වෙහෙස දැනීම,ඇස් බොඳවීම,දුර බැලීමේ අපහසුතා,ඇස් වියළීම,හිසරදය විතරක් නෙවෙයි බෙල්ලේ,කොන්දේ සහ උරහිසේ වේදනාවන් ද මේ නිසා ඇතිවෙන්න පුළුවන්.ඒ නිසා ඔයා පරිගණකයක වැඩ කරමින් ඉන්න වෙලාවක සෑම තත්පර20 කටම සැරයක් අඩි 20ක් පමණ වෙච්ච දුරක් දිහා බලන් ඉන්න.ඒකෙන් ඔයාගේ ඇහැට දැනෙන්නේ විවේකයක්.ඒ විතරක් නෙවෙයි ඔයාට වැඩකරමින් ඉන්න වෙලාවට ඇස්බොඳවෙනවා වගේම වේලිලා වගේ කියලා දැනුනොත්,හැම පැය දෙකකටම සැරයක් විනාඩි 15ක වගේ පොඩි විවේකයක් අරගෙන ආපහු වැඩකරන්න පටන් ගන්නවා නම් ඔයාගේ ඇස් දෙක තවත් රැකගන්න පුළුවන්.

34

04. දුම්පානයෙන් ඈත්වෙන්න

දුම් පානය කියන්නේ අපේ ශරීර සෞඛ්යහයට හැම අතින්ම හානිදායක දෙයක් කියලා ඔයා දන්නවනේ.ඒ හේතුවෙන් ඇසේ සුද, ඇසේ ස්නායුතන්තුවලට හානි සිදුවීම වගේමඇසේ කහ ලපය විනාශ වීම ආදී භයානක ප්රුතිඵල ඔයාට ලැබෙන්න පුළුවන්.ඒ නිසා කොහොම හරි උත්සාහ කරලා මේ නරක පුරුද්දෙන් ඉවත්වෙන්න.

35

05. ඇස් කණ්නාඩි පිරිසිදු කිරීම

මේකත් හරිම වැදගත් දෙයක්.අඩුමගානේ ඔයා පාවිච්චි කරන ඇස් කණ්නාඩියදවසකට දෙතුන් සැරයක් පිරිසිදු කිරීම අත්ය වශ්ය යි.ඇස් කණ්නාඩියේ රැඳී ඇති දුවිලි අංශු,ඇතුළු අපවිත්ර්කාරකයන් ඉවත්කිරීමෙන්ඇසට සිදුවිය හැකි අතුරුහානි වලින් ඔයාට පරිස්සම් වෙන්න පුළුවන්.හරියටඇස්කැසීම් සහ අසාත්මිකතාවයන් වගේ දේවල් වලින්.ඒ නිසා පිරිසිදු කිරීමත් හරිම වැදගත්.

8