මෝරතෙල් වල වටිනාකම ගැන කියනවා නම් අපිට ගොඩාක් ආපස්සට යන්න වෙනවා.මොකද ඒ තරම්ම දිග ඉතිහාසයක් තමයි මේ මෝරතෙල් වලට තියෙන්නේ.අපේ ආච්චිලා,සීයලා වුණත් මේ මෝරතෙල් පෝෂණයත් එක්ක බැඳිලා හිටියා.ඒ නිසාම මේ මෝරතෙල් වල පුදුම ගුණය ගැන පොත්,පත්තර,සඟරා වගේ ඕනි තරම් දේවල් වල අනේකවාරයක් සඳහන් වෙනවා.ඒ හැමදේකින්ම කියවෙන්නේ නම් එකම දෙයක් තමයි.ඒ මෝරතෙල්,ඔබේ සෞඛ්‍යවර්ධනයට වගේම භයානක රෝගී තත්වයන් රැසකට නොවරදින එකම විසඳුම කියන දේ..

නමුත් හොඳට මතක තියාගන්න අවශ්‍ය දෙයක් තියෙනවා.ඒ තමයි මේ තරම්ම ගුණයක් තියෙන්නේ ස්වාභාවික මෝරතෙල් වල පමණක්ම බව.කෘතීම මෝරතෙල් සහිත කරල් වර්ග දැන් ඕනි තරම් දක්නට ලැබෙනවා.ඒවායේත් ගුණයක් නැතුවම නෙවෙයි.නමුත් ස්වාභාවික මෝරතෙල් ගුණය ගැන නම් ආපහු කතා දෙකක් නැහැ.

dance

ස්වාභාවික මෝරතෙල් ඔබේ සමට,අස්ථි වලට,හදවතට වගේම ඔබේ වයසටත් පුදුම හිතෙන තරම් ප්‍රතිඵල ලබාදෙන බව නම් ඔබට කොහෙත්ම අමතක කරන්න බැහැ.ලංකාවේ අපි මුහුණ දෙන රෝග තත්වයන් රැසකට මෝරතෙල් ගුණය ලැබෙන හැටි ගැන අද අපි ටිකක් කතාකරමු..

අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි.

අදවෙනකොට ලංකාවේ බොහොමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධානම රෝග තත්වයක් තමයි මේ අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ.ඔමේගා 3 පෝෂකයෙන් වගේම විටමින් A,D සහ E යන ගුණයෙන් පිරිපුන් ස්වභාවික මෝරතෙල් කරල් මේ වගේ ආසාත්මිකතා,ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්වයන් වලට එරෙහිව හොඳින් ක්‍රියාත්මක වෙන බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙනවා. ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, විටමින් A,D සහ E සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මනා දායකත්වයක් ලබාදෙනවා.ඒ නිසාම දැනට සිදු කර ඇති විවිධ පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා ස්වභාවික මෝරතෙල් කරල් නියමිත මාත්‍රාවෙන් ලබාදීමෙන් අසාත්මිකතා වැනි තත්වයන් අවම මට්ටමකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බව.

අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි.

ස්වභාවික මෝරතෙල් කරල් ‘සෞඛ්‍යසම්පන්න සන්ධි’ සඳහා උපකාරී වන අතර ආතරයිටීස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග තත්වයන් රැසකට සාර්ථකව පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි, අස්ථි වල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්වයන් සමඟ ද හොඳින් සටන් කරනවා.

200-1

ඔබේ තරුණ පෙනුම රැකදෙයි.

මෑතකදී සිදු කල පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙන කරුණු වලට අනුව මොරතෙල් වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔබ වියපත්වීමේ ක්‍රියාවලියෙන් ඈත් කර තබනවා විතරක් නෙවෙයි,ඔබව සෞඛ්‍යසම්පන්න,නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා.විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව අපේ DNA වල අඩංගු ටැලොමෙරෙස් (telomeres) අංශු DNA අණු, කල්යාමේදී අවමවීමේ තත්වයෙන් ආරක්ෂාකරනවා.ඒ කියන්නේ ඔබේ වයස්ගතවීමට බලපාන හේතු අවම කරන්නේ ටැලොමෙරෙස් අංශු.ස්වභාවික මෝරතෙල් මෙතැනදී කරන්නේ මේ ටැලොමෙරෙස් අංශු හීන වීමේ වේගය අවම කරන එක.ඒ නිසා වයසට යනකොට මතුවෙන ලෙඩරෝග රැසකට උත්තර හොයන්න මෝරතෙල් තරම් දෙයක් තවත් නැහැ.එහෙනම් ඉතින් ඔයාම හිතලා බලන්න තරුණ බව රැකගන්න කෘතීම පෝෂකයන් ආලේප කරනවා හරි පාවිච්චි කරනවා හරි වෙනුවට ස්වාභාවික මෝරතෙල් වල නියම ගුණය ලබාගැනීම කොයිතරම් වටිනවද කියලා.