ඔයත් බර අඩුකරගැනීමේ දැවැන්ත මානසික අවපීඩනයෙන් දැවෙන කෙනෙක්ද?…ජිම්යන්න තියා බොන තේ කොප්පෙවත් අඩුකරන්න අකමැතිද?ඔක්කොමත් හරි බර අඩුකරගන්න කියලා කරන්න දෙන කාඩියෝ එක්සයිස්??එපා වෙනවා නේද?මොකද හිතන්නේ හිතේ හැටියට නටන ගමන්ම ඇඟේ බර ටිකක් අඩුකරගන්න එක ගැන?අලුත්ම විදියක් නේද?අනිකඩාන්ස් කරනවා කියන්නේ කොහෙත්ම කම්මැලි වැඩක් නෙවෙයිනේ.එහෙනම් බලන්නකෝ.. මේ ඩාන්ස් කිහිපයෙන් පුළුවන් ඔයාගේ දැවෙන ප්රමශ්නෙට විසඳුම් හොයන්න..

01. සුම්බා

මේක ඇත්තටම නැටුමක් නෙවෙයි.ඒ වුණත් එක්තරා ආකාරයක ඇරොබික්ස් ෆිට්නස්,දන්න සිංහලෙන් කියනවානම්,ස්වායු යෝග්යොතා වැඩසටහනක්.මෙතැනදී එක්තරා රිද්මයකට තමයි ඔයාට ව්යා යාම වල නිරතවෙන්න තියෙන්නේ. සුම්බා ව්යාුයාම වල රිද්මය වෙන්නේලතින් සංගීතය.කොලොම්බියානු වචනයක් වෙච්ච මේ “සුම්බා”කියන එකේ තේරුම තමයි “සැහැල්ලුවෙන් එහාට-මෙහාට වෙන ගමන්ම විනෝදයක් ලැබීම”කියන එක.අන්න ඒ නිසා සුම්බා ව්යාලයාම වැඩසටහනකදී ඔයාට වෙන්නෙත් හිත කැමති අපූරු රිද්මයකට අනුව පොඩි ඩාන්ස් එකක් දාන එක තමයි.

635915395966268839139669028_pm-zumba-day-1-1

02. බැලේ.

ඔයාගේ ඇඟ හරිම අපූරුවට නවන්න දිගහරින්න හැකියාව ලැබෙන තවත් අපූරු නැටුමක්.කෙටියෙන්ම කියනවා නම් බැලේ කරන කෙනෙක්ගේ ඇඟ පුදුමාකාර විදියට නම්යැශීලී වෙනවා.ඒ විතරක් නෙවෙයි මේ නැටුමේ තියෙන නම්යකශීලී බව හින්දම ඔයාගේ ඇඟේ පසුපස කොටස,උදර පේශීන්,උකුල වගේම කලවා ප්රේදේශ වල මාංශ පේශීන් ශක්තිමත් කරනවා.ඇත්තටම ඔයා ගර්භණි අවදියේ පසුවෙද්දීවුණත්ඔයාට කරන්න පුළුවන් නැටුම් අතරින් එකක් තමයි මේ බැලේ කියන්නේ.

first-ballet-class-article-1

03. හිපොප්

විශාල ශක්තියක් වැයකරලා කරන නර්තනයක් වුණත් ඔයාගේ මුහුණට විතරක් නෙවෙයි හිතටත් අමුතුම සැහැල්ලුවක් විනෝදයක් ගේන නැටුම් විශේෂයක් තමයි මේ.අන්න ඒ හින්දම බර අඩුකරගැනීම හීනය වෙනුවෙන් බලාගෙන ඉන්න අයට හිපොප් කියන්නේ නියම උත්තරයක්.මේ දේත් කියන්නම ඕනි.හිපොප් ඩාන්ස් නිසා ඔයාට හොඳ හැඩ ඇඟක් ලැබෙනවා විතරක් නෙවෙයි,ඕනිම දේකට බය නැතුව මුහුණ දෙන්නපුළුවන් ගතියකුත් ඔයාගේ හිතට දැනෙනවා.

04. සම්බා

ටිකක් වේගවත් ඇවිදීමක් එක්ක,ගොඩක් ඉවසීමෙන් යුතුව කරන නැටුම් විශේෂයක්.ඇඹරීම්-කැරකීම් විතරක් නෙවෙයි පොඩිපහේ ජම්ප්ස්,උඩ පැනීම් වගේ දේවල් නම් සම්බා නැටුමේදී අමතක කරන්න බැහැ.ඉතින්මේ තරම් වැඩ ටිකක් දාලත් කවුද කියන්නේ ඔයාගේ ඉණ ටිකක් අඩුවෙන එකක් නැහැ කියලා?බ්රනසීල සම්භවයක් ඇති මේ සම්බා නැටුම් විශේෂය ඔයාගේ කලවා,උදර පේශීන්,වගේම තට්ටම් ප්රලදේශයට හොඳින් ක්රිමයාකාරිත්වයක් ලබාදෙන ව්යාමයාම් වර්ගයක් කියලත් කියන්න පුළුවන්.ඒ ඇරුනම හරියාකාර සම්බා ඩාන්ස් එකකින් ඔයාගේ මුළු ඇඟටම හරිම වේගවත් වගේම විධිමත් ක්රිායාකාරිත්වයක් දෙන්නත් පුළුවන්.

samba

05. ජෑස්

මේ නැටුම් විශේෂයත් ඔයාට කාඩියෝ වර්කවුට් එකක්,නැතිනම් ශාරීරික ක්රිවයාකාරකම් සහිත ව්යාමයාම්ලබාදෙන්න නියමයි.ජෑස් නර්තනයේ තියෙන අපූරු චලනයන්වගේම සංගීතය ඔයාට අලුත් රිද්මයක් ලබාදෙනවා.ඉතින් කාටද නටන්න හිතෙන්නේ නැත්තේ?

new-jazzercise-b391aee0
එහෙනම් ඩාන්ස් කරන ගමන්ම ඔයාගේ කැලරි ටිකට දියවෙලා යන්න දෙන්න!!