පළතුරු කන්න කවුද අකමැති?ඒ වුණත් ඔය හැටි පළතුරු කන්නත් හොඳද?මේ කාලේ ඉතින් හැමෝටම තියෙන ප්රුශ්නයක් නේ සීනි කියන්නේ.(දියවැඩියාව නැත්තං බ්ලඩ් ෂුගර්)අන්න ඒ නිසා පැණිරස දේවල් ගොඩක් අපේ ඇඟට හොඳ නෑ කියන දේ තමයි අද ඕනිම සෝෂල් මීඩියා එකක් වුණත් දකින්න ලැබෙන්නේ.අන්න ඒ නිසා මේ නෝ-ෂුගර් ඩයට් වලට වැඩි ඉඩක් දෙන කට්ටිය අමතර සීනි වලට තියෙන බය නිසා පළතුරු ජාති ටිකක් අයින් කරන්න බලනවා.ඒ වුණත් රසම රස ස්මූති වලින්,කොමඩු බෝල් එකකින් අයින් වෙලා හොඳ ෆිට් එකේ ඉන්න පුළුවන් කියලා ඔයත් හිතනවද?

fruits-3

මෙතන ප්රොශ්නේ පටන් ගන්නේ ස්වභාවික සීනි සහ කෘතිමව එකතු කරන සීනිවලඇති වාසි-අවාසි සහිත වටපිටාව එක්කයි.ස්වභාවික සීනිඅපිට ලැබෙන්නේ,පළතුරු-කිරි සහිත නිෂ්පාදන වගේම අල-බතල-බඩ ඉරිඟු-වට්ටක්කා වගේ එළවළු වලින්.ඒ ස්වභාවික සීනි, අපේ මොළය වගේම සිරුර පාවිච්චි කරන්නේ ඉන්ධනයක් විදියට.ඒ නිසා ස්වභාවික සීනි රහිතපළතුරු වලට ඔයා වැඩි කැමැත්තක් දක්වනවානම්,ඔයා ඔයාගේ සිරුරේ ශක්තිජනක ක්රිායාකාරිත්වයේ ගැටළු වලට ලේසියෙන්ම ගොදුරු වෙන්න පුළුවන්.

ඒ විතරක්ම නෙවෙයි,පළතුරු වල තියෙන අනික් ගුණයත් හරිම වැදගත්.විශේෂයෙන් පැණි රස කැවිලි-ටොෆි වගේ කඩචෝරු කන ඔයාට.ඔයා අමතරව ඔයාගේ ඇඟට ඇතුළු කරගන්න ඒ කඩචෝරු සීනි ටිකෙන් ඔයාව ගලවගන්න පළතුරු වල අඩංගු සීනි ක්රි,යාකරනවා.ඒ නිසා අපි කලින් කිව්වා වගේම පළතුරු,කිරි සහිත නිෂ්පාදන,අල-බතල-බඩ ඉරිඟු-වට්ටක්කා වගේ එළවළු (මේ එළවළු පොළව යටට ගිය මුල් වලින්,කරල් වලින් හැදුණු වගේම කන්න කලින් අනිවාර්යෙන්ම උයාගන්න ඕනි එළවළු) ආහාරයට ගැනීමෙන් ඔයාට තන්තු වගේම ප්රෝ ටීන් පෝෂණයත් ලැබෙනවා.ඒ කියන්නේ ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න නොදී ගානට බැලන්ස් කරනවා.

fruits-2

මෙන්න වැදගත්ම දේ.ඔයා ඔයාගේ ඇඟට පිටතින් ඇතුළු කරගන්න සීනි,ඒ කියන්නේ ඔය සෝඩා වර්ග,ජූස් වර්ග,රසකාරක ගැන්වූ වගේම,ක්රිටයාදාමයකින් සැකසු ආහාර (චිප්ස්-බිස්කට් වගේ දේවල්) ඔයා රස කර කර කෑවත්-බිව්වත් ඔයාට ඒකෙන් හොඳ ප්රගතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ.කෙටියෙන්ම කියන්නම්.අපි කලින් කියපු ස්වභාවික සීනි ඔයාට හොඳයි.කෘතිමව ඔයා ඇතුළු කරගන්න සීනි ඔයාට අන්තිම නරකයි.

එහෙනම් කෙටියෙන්ම අපි කියන්න හදපු දේ තමයි,කොයි අතින් බැලුවත් කඩචෝරුවක් කනවට වඩා පළතුරු ගෙඩියක් කන එක ඔයාගේ ඇඟට හොඳයි.එහෙමයි කියලා ටොන් ගණන් මුළු දවසම පළතුරු කන්න හදන්න එපා.ඒ නිසා ඉස්සෙල්ලම ඔයාගේ ඇඟේ තරම-ස්වභාවය-ලෙඩ රෝග ගැන හිතලා පළතුරු වර්ග ඔයාගේ ඩයට් එකට එකතු කරගන්න.

අඩුමගානේ දවසකට පළතුරු කොටස් දෙක තුනක්වත් ඔයාගේ කෑමවේලට එකතු කරගන්න.උදාහරණයක් විදියට,ඔයා කැමති මොනා හරි බෙරි වර්ගයකින් කෝප්පයක්,කපාගත් පළතුරු කෝප්පයක්,බේස් බෝල් එකක් තරමේ පළතුරු ගෙඩියක්,ලොකු දොඩම් ගෙඩි භාගයක් වගේ දෙයක් දවස ගානේ ඩයට් එකට එකතු කරගන්න…