“බොහෝ දෙනාතමන් සතු දේ පිළිබඳව අවතක්සේරුවෙන් සිතන අතර,තවත් බොහොමයක් දෙනා තමා සතු නොවන දේ පිළිබඳව අධි තක්සේරුවෙන් සිතයි…”

කතාව නම් ඇත්ත නේද?මේ කතාව හැම දේකටම අදාල කරලා බැලුවම නම් හරියටම හරි.අපි කෝමත් දුක් වෙන්නේ අපිට නැති දේ ගැනමනේ..නේද?මතුපිටින් බැලුවම නම් ඉතින් එක තමයි මනුස්ස ස්වභාවය.ඒ වුණත් සමහර වෙලාවට අපිට අපේ මනුස්ස ගතිගුණ වුණත් ටිකක් එහාට-මෙහාට කරගන්න වෙනවා..

අනික් දේවල් කොහොම වෙතත් අපි අද කතා කරන්නේ අපේ ගැහැණු පාර්ශවය ටිකක් වැඩිපුර හිතන,පිරිමි පාර්ශවය නොහිතාම ඉන්නේ නෑ කියලා හිතන දෙයක් ගැනයි.ඒ තමයි අපේ පෙනුම-රූප ස්වභාවය.

සාමාන්ය යෙන් අපිට අපේ රූපසම්පත්තිය ලැබෙන්නේ අපේ ජාන පරම්පරාව අනුවයි.ඔයාට උපතින්ම ලැබුණ රූපය තමයි ඔයාගේ අනන්ය තාවය.එක වගේ නම් දාහක් තිබ්බත් එකම වගේ රූපයක් නම් කාටවත් නෑනේ.(නිවුන්නු ඇරෙන්න)ඉතින් තමන්ට උපතින්ම ලැබුණු දේ පරිස්සම් කරගන්න අතරේම එක ටිකක් පොලිෂ් කරගන්න එක තමයි මේ රූපලාවන්යෙ සත්කාර කියන දේවල් වලින් කෙරෙන්නේ.එතැනදී ඔයා කරන තේරීම නිවැරදි වීම අත්යමවශ්යයයි.

7

ආසියාතිකයින් වෙච්ච අපිට,එතනදීත් විශේෂයෙන් ශ්රීද ලාංකිකයින්ටම වෙන්වුණු හමේ පැහැයක්,කොණ්ඩයක්,උස මිටි බවක් වගේම ඇස්,කන්,නාසය පිහිටීමේ අපූරු රටාවකුත් තියෙනවා.නිකමට හිතන්න අපේ මිනිස්සු අතරෙයි,වෙනත් රටක මිනිස්සුයි අතරෙයි සෑහෙන්න වෙනසක් දකින්න පුළුවන් නේද?

ලංකාවේ මිනිස්සු කෝමත් ලස්සනයි..ඔයා මොකද හිතන්නේ මේ කියමන ගැන.ඇත්තටම ඔව්.අපේ රටේ විවිධ පළාත්,දිස්ත්රි ක්ක ගත්තත් හැමෝගෙම වගේ අමුතු ලස්සනක්,සුන්දරත්වයක් තියෙනවා.පාට ටික ටික වෙනස් වුණත් යාපනේ,මාතලේ,අනුරාධපුර,නුවර,මැදවච්චිය,කිලිනොච්චිය,හම්බන්තොට,මඩකලපුව,පුත්තලම,කොළඹ විතරක් නෙවෙයි පිටිසර කර්කශ ගමක ඉන්න ඔයාගෙත් අමුතු ලස්සනක් තියෙනවා.ඔයාගේ හිනාව ඒ අතරින් විශේෂයි.

8

එහෙනම් අරයට වගේ දිග කොණ්ඩයක්,මෙයාට වගේ ලස්සන හමක්,දත් ටිකක් මට නෑනේ කියා කියා තවත් ලත වෙන්න අවශ්යහ නැහැ.ඔයාගේම ලස්සනට ඉඩදෙන්න.එතැනදී ඔයාට උදව් වෙන එකමදේ ඔයාගේ ආත්ම විශ්වාසය.

9

සමහර කට්ටිය ඉන්නවා කුරුලෑ ප්රඔශ්නයට තදින්ම මුණ දීලා ඉන්න.නිකමට කල්පනා කරලා බලන්න.එයාගේ ඒ කුරුලෑ නිසා එයාට අමුතු ලස්සනක් තියෙනවා කියලා සමහරවෙලාවට දැනෙනවා නේද?ඒ වගේමයි නල දත්,මුහුණේ උපන්ලප,කැළැල්,කොණ්ඩයේ විශේෂිත පාට,ටිකක් තඹ හරි තද කළු පාට වෙච්ච දිස්නේ ගහන හම.මේ දේවල් වලිනුත් ඒවායේ අයිතිකාරයින්ට අමුතු ලස්සනක් එකතු වෙනවා.

10

මතක් කරන්න අවශ්යර නෑනේ නයෝමි කැම්ප්බෙල්.කළු ජාතිකයින්ට අභිමානයක් එකතු කරලා මොඩ්ලින් කලාව උඩු යටිකුරු කරන්න එයාට පුළුවන් වුණා.ඇයි??සුදු අය විතරද ලස්සන?එයාලට විතරද පුළුවන්?නෑ..ඔයාටත්පුළුවන්.ඔයා හුඟක් උස කෙනෙක්,මිටි කෙනෙක්,කළු කෙනෙක්,කොණ්ඩේ කොට,කොණ්ඩේ යන,තට්ටය පෑදුණු කෙනෙක් වුණත් ඔයාගේ අමුතු ලස්සනක් තියෙනවා.

දැන්ම යන්න කණ්නාඩිය ඉස්සරහට.හොඳට බලන්න ඔයා දිහා.අඩු පාඩු එක්ක ජීවිතය ජයගත්ත අය ගැන හිතන්න.ලෝකේ පුරාම බරපතල විදියේ අඩුපාඩු තියෙන අය ඉද්දි මොකක්ද ඔයාට තියෙන අඩුපාඩුව?ඔයාගේ පෙනුම ගැන හිතට වද දෙන ප්ර ශනයක් තියෙනවා නම් දන්න කියන කෙනෙක්ගෙන් උදව් ගන්න,පෙනුම ටිකක් වෙනස් කරගන්න පොඩි-පොඩි වෙනස්කම් අත්හදා බලන්න.ඔයා ඔයාම වෙන්න.ඔයාගේ ලස්සනට ඉඩ දෙන්න!!