ගහකට නම් වතුර,වාහනයකටනම් තෙල් වගේම තමයි අපේ ශරීරය නිසියාකාරයෙන් පවත්වාගෙන යන්න අත්යාතවශ්යමදෙයක් තමයි මේ ආහාර කියන්නේ.ශරීරය පුරා පැතිරිලා තියෙන එක් එක් කාර්යන් සිදු කරන ඉන්ද්රියයන්ට අවශ්යය ශක්තිය වගේම අවශ්ය් පෝෂණය ලබා දෙන්නේ මේ ආහාර වර්ග.ඒ නිසා ශරීරයේ නිසි පැවැත්මට වගේම වඩා සෞඛ්යාිරක්ෂිත ක්රි‍යාවලියකට මේ ආහාර වලින් ලැබෙන පෝෂණය හරිම වැදගත්.අන්න ඒ නිසයි පෝෂණය වෙනුවෙන් හරිම ආහාර වර්ග තෝරාගැනීම අත්යයවශ්ය් වෙන්නේ.
කෙටියෙන්ම කියනවා නම් දිව පිනවන ආහාර වර්ග වෙනුවට ශරීරයට සෞඛ්යාමරක්ෂිත බවක් එක්කරන ආහාර වර්ග වෙනුවෙන් ඔයත් වැඩිපුර කැප වෙනවා නම් නිරෝගී වගේම ඔයා බලාපොරොත්තු වෙන පැහැපත්,හැඩතිසිරුර ඔයාට ලබාගන්න එක තවදුරටත් සිහිනයක් නම් නෙවෙයි.

කොහොම වුණත් සිරුරට අවශ්ය කරන නියම පෝෂණය ලබාදෙන ආහාර වර්ග ගැන ඔයා හරියටම දැනුවත්ද?අනවශ්යර වියදමක් දරලා අමතර පෝෂකයන් වලින් ඔයාගේ ශරීරය පවත්වාගෙන යනවා වෙනුවට ගෙදර දොරේ අපි නිතර කන බොන දේවල් හරිවිදියට කෑමට අරගෙන අපිට පුළුවන් ඒ පෝෂණයම ලබාගන්න.

බත්

1

ලාංකික අපේ ප්රගධාන ආහාරය.මේ නිසාම තුන්වේලටම වගේ අපි ගොඩක් අය බත් කන්න තමයි හුරුවෙලා ඉන්නේ.හොඳ පුරුද්දක් වුණත් හැමකෙනාටම,හැමවේලටම අද වෙද්දී බත් කියන්නේ හොඳ උත්තරයක්ම නෙවෙයි.අපේ ආච්චිලා සීයලා වගේ රතු බත් කන්න පුරුදු වෙන එක තමයි ඇඟට හොඳ.උදේ වේලටත්,දවල් වේලටත් රතු බත් කෑමට ගන්නවා නම් ලැබෙන පෝෂණය ඉහළයි.රතු බත් විතරක් නෙවෙයි,කැඳ වුණත් පෝෂණයෙන් හරිම ඉහළයි.

බත් වලින් විශේෂයෙන් ලැබෙන්නේ කාබෝහයිඩ්රේ ට් පෝෂණය පමණයි.එතනදීත්සුදු බත් කියපු ගමන්ම කට්ටිය කියන්නේ සීනි වැඩි වෙනවා කියලනේ.ඒක හරි.දැනට තියෙන වෛද්යු මතයන්ට අනුව සුදු බත් වල ග්ලයිසීමික අගය වැඩි නිසා නිතර නිතර කෑමට ගැනීමෙන් දියවැඩියාව වගේ රෝග තත්වයන්ට ඇති අවදානම ඉහළයි.

ඒ නිසා කඩේ තියෙන ෆ්රළයිඩ් රයිස් හරි වෙනත් එක එක ජාතියේ බත් ජාති කනවට වඩා රතු බත් කෝප්පයක් විතර ඔයාගේ උදේ,දවල් කෑම වේලට එකතු කරගන්න උත්සහ කරන්න.(පිඟාන පිරෙන්න බතුත්,ඒ වටේට ව්යංෆජන සහ මස් මාළුත් බෙදාගැනීම නම් කොහෙත්ම සුදුසු නැහැ.ඒකයි කෝප්පයක් කියලා කියන්නේ.)රෑට බත් කන එක හැමකෙනාටම සුදුසුයි කියලා අනුමත කරන්නත් බැහැ.ඒ නිසා එළවළු ටිකක් තම්බලා හරි සලාදයක් විදියටහරි,එහෙම නැතිනම් මාළු පෙත්තක්,සුප් එකක් වගේ සරල දෙයක් කෑමට අරගෙන නින්දට යනවානම් ඔයාගේ ශරීරයේ ක්රිියාවලියටත් හරිම පහසුවයි දැනෙයි.

ධාන්ය වර්ග.

2

අද වෙද්දී අපෙන් වේගයෙන් ඈත්වෙලා යන දෙයක් කිව්වොත් හරියටම හරි.කඩල,මුංඇට,කව්පි,සෝයා බෝංචි,වගේම තවත් විවිධාකාරයේ ධාන්ය වර්ගය අපේ ලංකාවේ ඕනි තරම් තියෙනවා.තම්බා ගන්න තරමක කාලයක් ගතවුණත්ඉන් ලැබෙන පෝෂණය නම් සුළුවෙන් සලකන්න බැහැ.

සාමාන්යලයෙන් ධාන්යධ කියන්නේකෙඳි සහිත ප්රෝ.ටීන් බහුල වශයෙන් ආහාර වර්ගයක් නිසා දියවැඩියාව,කොලොස්ට්රෝනල් වැනි රෝගාබාධ තත්වයන්ට නියමඋත්තර හොයලා දෙන්න මේ වගේ ධාන්යඩඉතා සුදුසුයි.

උදේ ආහාර වේලකට සාමාන්යදයෙන් ධාන්යෝ කියන්නේ නම් හොඳම විසඳුමක්.අපේ රටේ ගොඩක් වෙලාවට දකින්න නැතත් පිටරටවල ඕට්මීල්,තිරිඟු,සුරියකාන්ත ඇට වගේ ගුණයෙන් ඉතා වැඩි ධාන්ය වර්ග කුරුට්ටත් එක්කම සකසලා තියෙනවා කිරි හරිමීපැණි එක්ක උදේ ආහාරවලට එකතු කරන ආහාරයක්.

එළවළු-පළතුරු

3

විටමින්,ප්රෝඅටීන් වගේම විවිධ පෝෂකයන් බහුල වශයෙන් ලබාදෙන තවත් ආහාරයක්.එළවළු නම් නිවැරදිව පිසගැනීම තමයි වැදගත් වෙන්නේ.පළතුරු වුණත් බහුලව ඔයාගේ දෛනික වේලට එකතු කරගන්නවා නම් ලැබෙන පෝෂණය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ආහාරයක් විදියට වගේම පානයක් විදියට පළතුරු වර්ග ඔයාගේ දෛනික ආහාරවේල් වලට එකතු කරගැනීමටත් ඔයාට පුළුවන්.අද වෙද්දී ස්මූති පානයන් ගොඩක්ම ජනප්රිේයයි.උදෑසන ආහාරවේලටත්,අතිරේක වේල් වලටත් ඉන් ලැබෙන පෝෂණය ඉහළින්ම ප්රරමාණවත්.

කැඳ

4

උදේ ආහාර වේලට කැඳ කෝප්පයකින් ලැබෙන්නේ නියම පෝෂණයක්.පලා වර්ග වල අඩංගු විටමින් සහ යකඩ වැනි පෝෂණයන්සිරුරේ නිසි ක්රිියාකාරිත්වයට වගේම සිරුරේ පැහැයටත් හැඩයටත් එක විදියටම බලපානවා.කොළකැඳ වලට අමතරව කැකුළු සහල් කැඳ (ලුණු කැඳ),සව් කැඳ වගේ විවිධ කැඳ වර්ග වලිනුත් හොඳ පෝෂණයක් ලැබෙනවා.

අලවර්ග

5

අහපු ගමන් පිටි ගොඩක් කියලා හිතුණත්,බතල වැනි අල වර්ගයකින් ලැබෙන පෝෂණය හිතාගන්නවත් බැරි වෙයි.කෙට්ටු වෙන්න මහන්සි වෙන අයට බතල කියන්නේ හොඳ ආදේශයක් කිව්වොත් නිවැරදියි.එතරම් පෝෂණයක් බතල වල අඩංගුයි.ඊට අමතරව මඤඤෝක්කා,කිරි අල,හිඟුරල,කටු අල(තව අහලවත් නැති අල ජාති)වලිනුත්ප්රෝේටීන් සහ කාබෝහයිඩ්රේනට් පෝෂකයන් ලැබෙනවා.විශේෂයෙන් මුත්රා ගල්,සෙංගමාල,අර්ශස් රෝග,සෙම් රෝග වගේ රෝග රැසකට සුවය ලබාදෙන්න ලංකාවට ආවේණික අල වර්ග බොහොමයකට හැකියාව තියෙනවා.

6

ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්.ඒ නිසා ගුණයෙන් වැඩි සහල්,එළවළු-පළතුරු,පලා වර්ග,ධාන්යෙ වගේම මාළුත් අපිට අවශ්යෂ තරම් වටපිටාවෙන් හොයාගන්න පුළුවන්.ඕනිම නම් අපේ ගෙවත්තෙත් පොඩියට හරි එක එළවළුවක්,පලා වර්ගයක්,අඩුම ගානේ තක්කාලි ගහක් හරි වවා ගන්න වුණත් අපිට ඉඩකඩ තියෙනවා.ඒ නිසා අමුතු අමුතු ඩයට් ප්ලෑන් වලට ට්රුයි කරන එක නවත්තලා ලංකාවේ අපේ විදියට(හරි විදියට)කෑම බීම ටික අරගෙන සෞඛ්යාසම්පන්නව ජීවත් වෙන්න පුරුදු වෙන්න අදම හිතට ගන්න…